Tuesday, May 9, 2017

ප්‍රේමණීය කිවිඳියෙනි,

ප්‍රේමණීය කිවිඳියෙනි,
ඔබට මා අත්පිස්නාවක් ම
පමණෙකිද?

කුඩ නොමැති වැසි දිනෙක
දෙපා නෙක පටලැවී
සිතිවිලි මඩ වගුරක
ඇද වැටුනු රුදු මොහොතක

දෑත් මත පැටලැවුනු
ඛේදණීය වේදන මඩ කැබලිති
පිසලන්න පමණක්ම
ඔබ භාවිතා කරලන

නොකිලිටි,
මොහොතකින් කිලිටි වන,
අත් පිස්නාවක්ම පමණෙකිද
මම

ප්‍රේමණීය කිවිඳියෙනි ඔබ හට...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි