Saturday, April 22, 2017

හින්ට් ගැහුවේ මටද හාමුදුරුවනේ

දුරුතු පෝයට
පන්සලේ
එදා බණ කියද්දි
නොතේරෙන හැමෝටම
තේරෙන්න
හින්ට් ගැහුවේ මටද
හාමුදුරුවනේ

එක එකා ගමේ උන්
හැරී හැරී බලනකොට
සිල් රෙදි පොරෝගෙන
අඬන්නද කියන්නේ

ඒ බලපු උන්,
උන්ගේ මිනිස්සු
අඬ අඬා මගේ කාමරේ
මයේ එක්ක ලගිනකොට
එලවගන්නද කියන්නේ

කොහෙ කොහේ මොන මොනවා
ඇන්දත් නො ඇන්දත්
පන්සලට ගොඩ වුනේ
සිල් රෙදි පිටින්
හාමුදුරුවනේ

අව්වට වැල්ල රස්නෙයි..
මයේ කකුල් පිච්චෙන්නෙත්
උන්ගෙ පිච්චෙනවා වගේමයි

මයේ එක්ක ගමේ උන්
එක එකා දොඩවන මගුල්
පන්සලට විත් කියන්නද
අපේ හාමුදුරුවනේ

ඇඟ පතේ ඇති රුදා
පන්සලෙන් අරිනවද,
උන් තාම ලෞකිකයි...

මයේ කඳුලු පිටවෙලා හුඟක් කල්

ඇනුම් පද කිව් මුල් කෙනා
ඔබ වහන්සේ නෙවෙයි
හාමුදුරුවනේ

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි