Wednesday, April 19, 2017

පුර අඟනාව

පුර හඳ ගාව
ඉඟි බිඟි පෑව
මෙලොවට නාව
පුර අඟනාව

දිලිසෙන දෑස
සැමදෙන ආස
පසිඳු විදේස
වලද විසේස

මධුවිත සාද
සුමිහිරි නාද
මැද ඔය පාද
නැටවෙනවාද

එක එක පාට
ෆැෂන් කරාට
කළුවර රෑට
පේන්නෙ කාට

නොදැනෙන සේම
ඉඟි කෙරුවාම
තම හැම දේම
මතකද තාම

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි