Thursday, April 13, 2017

සසඳ

පන්හිඳ මතට සිතිවිලි දිය ගලනකොට
පරසිඳු මුකුළු කවුළු දොරින් හමනකොට
එක්ටැම් ෆ්ලැට් වලට වී ගගනත දෙසට
බලනෙමි තරිඳු විසිරෙනු තරු කරලියට

සබඳ නිබඳ සඳ ලඟ ඔබ ගැවසුනිද
සුවඳ හමන කුසුමෙකි රූසිරු නොමඳ
නොදැන ඔබ කලණ ඔබ තව ලතැවුනිද
සබඳ ඔබ සඳෙකි තවමත් සැඟවුනිද

සසඳ, සසඳ ගගනත දිය හැලෙනකොට
සසඳ, සසඳ ඔබමය බිමැසිය මතට
සසඳ සසඳ එම සඳ මෙම සඳ එකට
සසඳ ඔබ පහන නිවුනිද පහණතට

2 comments:

හිතුන දේ දැනගන්න ආසයි