Saturday, March 25, 2017

සිතිවිලි II

මා මඟහල
සිතිවිලි අහුරක්
අමතමි,

නාස් පුඩු අගින්
ගිලිහුණු
දුම්වැටි දුමක් මෙන්

වා තලයට නැඟී
මියැදී
මැකී යන්නට 
මත්තෙන්

මේ කඩදාසි 
පිටුව මත
ලියැවෙනු මැනවි...

ඒ නටඹුන් මත්තෙහි
මා මියැදීම
වෙනුවෙන්

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි