Wednesday, March 8, 2017

සිසිරයකි සමුගැනෙන

අසනි වැසි ඇද හැලෙන
තුෂර කැටි නොම රැඳෙන
අකුණු දෙරණත ගැටෙන
සිසිරයකි සමුගැනෙන

කණ්ටකය දෙදරවන
අන්ධ හද සසලවන
දුබල නෙතු තෙත කරන
සීතලකි අතැර යන

මීදුමට නොම පෙනෙන
අඳ බැවින් නොම දකින
පත් නොමැති තුරු සෙවන
සා හරිත දළු දමන

අඳුරු මුත් මුළු දෙරණ
රඹැතිමය පෙර ගගන
සැරිය තුරු හිරු නගින
කෙනෙකි අතැඟිලි ගණින

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි