Monday, December 5, 2016

පිළිරුව

දෙනෙත් අග්ගිස්සෙන්
මකරන්ද ඉහිරෙන
කිරිගරුඬ පිළිරුවකි
ඔබ

මතුපිට පමණක්ම
කිරිගරුඬ බැවින්
මඟ තොට යනෙන
කලුගල් කැබලිති
බොල් පිළිමයට
වදින

එබැවින් දෙනෙත්
මකරන්දයෙන්
පෙඟෙන

එනමුදු
ඒ ප්‍රතිමාවෙහි අගය
බොල් බවෙහි නොව
කිරිගරුඬ මතුපිට ද නොව

මකරන්ද ඉහිරෙන
දෑස් අභියසම වෙන.

කිසිම කිසිවකු
නොදකින

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි