Wednesday, November 30, 2016

අරුණෝදයක

අරුණෝදයක
පහන් සිළුවෙකි
රිද්මය අමතක ව
රඟන

මොහොතකට පෙර
සෝබර මසිත
සෝබන සඳින්
පිරුණ

එනමුදු අරුණ
කළුවර දෙරණ
ආලෝකවත්
කරන

ඉතින් පන්සිළු සබඳ
ඔබ නර්තනය
නැවතත් අවැසි
නොවන

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි