Friday, November 25, 2016

සිසිල අමතක වෙලා

උන්මත්ත හේමන්ත ගගන ගිනි අැවිලිලා
සද්ධන්ත වළා ගැබ රඹ රසින් බොඳ වෙලා
අවදාත මිහි මතද කසාවත් අැමිණිලා
විදුලි මිණි පහන් එළි සිසිරයම සරසලා

ගී ගයන සමනල්ලු ටිකෙන් ටික නැති වෙලා
ඉගිල්ලෙන සියොත් කැළ දකුණතට පියඹලා
සීතලට ගල් ගැසුණු ජීවිතය හැඩිවෙලා
පාලුවට එළි සමය සඳැස අතපසු වෙලා

ශෘංගාර මංපාර අතරමඟ පැටලිලා
සංසාර ගංතීරයක අසල නැවතිලා
මන්දාරමක එතුණු තුෂර කැටි දෙස බලා
සන්තානයෙහි ගිලෙමි සිසිල අමතක වෙලා

1 comment:

හිතුන දේ දැනගන්න ආසයි