Wednesday, November 23, 2016

සඳ මඩල යට

සඳ මඩල යට තනිවුන
නිදි නොමැති රතු දෙනයන
රඹ අඹර දුර පරයන
මත වෙසෙති වෙල විලසින

සිත අගක හිඳ මතුවෙන
සිට පහණ නොම ලියවෙන
විහ මතදි පිරි ඉතිරෙන
කවි පදක රස අපමන

පුර රුසිර නිස පුරවන
දුර එපිට වුව බබලන
සිත දොවන තම පරදන
දිවි පිඬකි මන සනසන

පිපි කුසුම දෝතට ගෙන
සිඹ විඳිති ධූ විසිරෙන
මළ මලක දිවි තතු ගැන
තව කුමට මේ විවරණ

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි