Saturday, November 12, 2016

සිතිවිලි

අපිලිවෙල
අසංවර
සිතිවිලි දැහැනක්
අාකාශගතව
අතවනයි

බැලු බැල්මට ම
නොපෙනෙන
පුංචි ම පුංචි
තිතක්
විලසට

අෑතට අෑතට
අැදෙන
එ් පුංචි තිත
දෝතට ගන්න
වෙහෙසෙමි

එනමුදු
එ් සිතිවිල්ලෙහි
හිමිකම
නිදහස් නීලාවකාශයට ම මිස
මගේ දෝතට
නොව

පාව යන්නට ඉඩ හරිමි
මට අත වන වනා
හෙමිහිට,
දිගටම...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි