Sunday, October 2, 2016

ඔබ කවක්

ඔබ කවක්
පදයක් දෙකක් මඟ හැරුණු


එළිසමක් නැති,
එක එක ගැලපෙන
නොගැලපෙන පද කෑලි
එකිනෙකට අමුණපු
මල් මාල පොටක්


විසිතුරු රම්‍ය පදවැල්
අතරින් පතර පැටලුණු
ගැඹුරුම තැනක ඇති
බැලු බැල්මට ම නොපෙනෙන
උපමා රූපකයක්


ඔබ ඔබ ම ලිවූ
සොඳුරු ම සොඳුරු
අඳුරු ම අඳුරු
නැවී රැළි වැටුණු
කවි පතක්


ඔබ කවක්
පදයක් දෙකක් මඟ හැරුණු


පදයක් දෙකක් මඟ හැලුණු

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි