Friday, May 13, 2016

L'astral 2000 - #1

She looked like she was possessed or something,
the lady in the red dress.
She was dancing
the whole time with her eyes closed
her arms floating through the air
rhythmically random
as if they had control over her...
her dress had its own mind too
flowing all around
as the live music had stopped
and she was alone in the dance floor
after dancing through the first act

If the club were a canvas,
she was a smudge of bright red paint
turning the blue back lit background, purple

And until the live music started again
we, who danced intently to the live music,
were in the washroom, the bar,
the tables, the stairway,
outside smoking, drinking, getting intoxicated,
wishing we were
the lady in the red dress...

කතාවක් දෙකක්

සරලම සරල කතාවක් දෙකක්
විරලම විරල හිනාවක් දෙකක්
මධුවිත පිරුණු සැඳෑවක් දෙකක්
මත්තෙම යැපුනු වතාවක් දෙකක්
සීතල හුලඟ හමන සෘතුවක්
සීතෙට මිදුනු සොඳුරු හදවතක්
තාලෙට ගෙතුනු අමුතු කවි පෙලක්
පාලුව පිරුණු හදට උණුහුමක්
යායට පිපුණු වසත් මල් විලක්
නිල්ලට දිලෙන ගිමන් තණ බිමක්
රත් පත් ගසක එතුනු තුණු හිතක්
නිසලව හිඳියි මැදක හිම රොදක්

කොට්ටම්බා ගහ

ඔන්න එකමත් එක නගරෙක නගර සභාවේ පාක් එකේ ලොකු කොට්ටම්බා ගහක් තිබුන ලු. දන්න කාලේ ඉඳලම ඔය කොට්ටම්බා ගහේ කාක් කූඩු බර ගාණක් තිබුන ලු. කාක්කෝ ගොඩක් ඕකේ තියෙන පුංචි ඉඩේ කූඩු හදාගෙන ඉන්නකොට ඉතින් කොහොමත් මත භේද හටගන්නවනේ. ඉතින් මෙයාලා හැමතිස්සෙම වලි කකාලු හිටියේ. ඕකේ ඉන්න කොමියුනිස්ට් කාක්කෝ, දක්ෂිණාංශික කාක්කෝ, මැද හිටපු කාක්කෝ වැනෙන කාක්කෝ ඔක්කොම හැමදාම වලි ලු.


ඒ ඔක්කොම එක මතේකට ආවේ හැමදාම වලි දාන කොහෙක් දෙන්නෙක් ගේ කට වහන්න ආවම විතරලු. උන් කට වහන එක නවත්තන පාටක් නැති තැන ඉර නගින දිසාවට වෙන්න තිබුනු ලොකු අත්තක හිටපු ටිකක් උස මහත කපුටෙක් ඇවිත් කපුටු භාෂාවෙනුයි  කොවුල් භාෂාවෙනුයි කිව්වලු "උඹලා එක්කෝ කට පියාගෙන අපි එක්ක ඉන්න ඕනේ. නැත්නම් වෙන කොට්ටම්බා ගහක් හොයාගෙන යන්න ඕනේ." කියලා.


ඊට පස්සේ නෙවෙයිලු ඒ කොවුලා දෙන්නා කටක්වත් ඇරියේ.


ඉතින් අර අනිත් කපුටෝ ටික එදයින් පස්සේ හරි සතුටින් සාජ්ජ එහෙම දැම්මා ලු. ඒත් ඉතින් ඉස්සර වලි දාගනිද්දි අර අත්තේ කපුටොන්ට විරුද්ධව කතා කරපු අනිත් කපුටෝ ඒ දාපු සද්දේට බයේ කට පියාගෙන පැත්තකට වෙලා හිටිය ලු. ඉතින් හෙමිහිට ඒ කාක්කා කොට්ටම්බා ගහට අධිපති කාක්කා වුනා ලු.


ඔය අතරේ නගර සභාවේ චන්දේ ලඟදි එනවා කියලා කතාවක් නගරේ පුරා පැතිර ගියා ලු. චන්දේ තියෙනවා කියල කොච්චර කිව්වත් කවදා චන්දේ තියේවිද කියල ශුවර් කරලා කියන්න බැරි නගරයක් ලු ඒක. ඒත් චන්දේ ඉල්ලන්න කියලා හිතන් ඉන්න හිවලෙක් ඇවිත් අර කපුටට කිව්වලු කොට්ටම්බා ගහේ කූඩු ටික හදලා දෙන්නම් තමන්ගේ කැම්පේන් එකට උදව් කළොත් කියලා. ඉතින් ඒ කපුටා සිරා චාන්ස් එක කියලා හෙමින් සැරේ කොට්ටම්බා ගහේ කූඩු ටික හිවලට කියලා හදවගත්ත ලු.


ඒ හදන ගමන් ටිකක් ඈත පළාත් වලින් එහෙම ගෙන්න ගන්න කොස් කොළ වගේ එවා තටුවට යටින් තමන්ගේ අත්තට ගෙනිහින් ඒ අත්ත නොමිලේම වගේ නවීන කපුටු අංගනයක් කර ගත්ත ලු. ඉතින් ඔය අත්තේ ඉන්න අනිත් කපුටෝ මෙයාට දෙවියෙක්ට වගේ ලු සැලකුවේ.


පස්සේ පස්සේ ඉතුරු කපුටොන්ට ලාවට තේරුනා ලු මේ කොට්ටම්බා ගහ හදන්න තමන්ගේ අතින් යන ගාණ එන්න එන්න වැඩි වෙනවා කියලා. එහෙම වෙද්දි අර අත්තේ ඉන්න කපුටෝ එහෙම උකුස්සෝ රාජාලියෝ වගේ ලු හිටියේ. මේක දකිද්දි කට වහන් හිටපු වමේ කපුටෝ ලාවට කාක් කාක් ගාන්න ගත්තලු. එහෙම කාක් කාක් ගාපු කපුටෙක් දෙන්නෙක් පාක් එකේ පැත්තක වත් හොයාගන්න නැති වුනාලු. වෙනින් පාක් හොයාගෙන ගියා කියලා ලු කතාව ගියේ.


ඔහොම ටික කාලයක් යද්දි කපුටා කපුටා ගාණේ හෙමින් කාක් කාක් ගාන්න පටන් ගන්නකොට අර අත්තෙම හිටපු කපුටෙක් ඇවිත් අනිත් කපුටොන් ට කිව්වලු කොස් කොළ හොරෙන් බාන කතාව. ඕක අහන් හිටපු තව කපුටෙක් කිව්වලු මේ ගහ හැදෙන්නේ හිවලෙක් එක්ක ගහපු ගිවිසුමක් නිසා කියලා. ඉතින් ඒ අත්තේ ඉඳලා ආපු කපුටා හිවලා එක්ක කතා කරන කපුටගේ නම, කොස් කොල බාන කපුටගේ නම, ඉස්සර කාක් කාක් ගාල වෙන පාක් වලට ගියපු කපුටොන්ව එලවපු කපුටගේ නම වගේ හැම දේම අනිත් කපුටොන් ට කිව්වා ලු.  


මේවා අහන් හිටපු ඔක්කොම වමේ කපුටොයි දකුණේ කපුටොයි වයසක කපුටොයි තරුණ කපුටොයි කොවුලෝ දෙතුන් දෙනයි ඔක්කොම එකතු වෙලා අර අත්තේ හිටපු කපුටව කොට්ටම්බා අධිපති තනතුරෙන් නෙරපුව ලු. ඒ කපුටා ඒ කපුටා ගේ අත්තට ම එලවලා ඒ අත්තේම ඉන්න කියලා නියෝග නිකුත් කරා ලු.


ඉතින් ඒ සැරේ අර අත්තේ ඉඳලා ආපු කපුටයි හිවලා ගැන දන්න කාක්කයි අධිපති කම දෙකට බෙදාගෙන වැඩ කරනවලු. මේ ඔක්කොම බලන් හිටපු නගර සභාවට ඉල්ලන්න ඉන්න විසාල කුළු මීමෙක් සතුට ප්‍රකාශ කරලා කණ් ඇහෙන්නේ නැති සැලලිහිණියෙක්ව කොට්ටම්බා ගහට හිටං එව්වා ලු.


ඉතින් ඔය විදිහට වැඩ කරගෙන ඉඳිද්දි හිවලා එක්ක ගහපු ගිවිසුම් නවත්තන්න වැඩිපුර කාලයක් වියදම් කරපු නිසා කොට්ටම්බා ගහේ කපුටොන්ව මෙයාලා ට අමතක වුනා ලු. මුලු පාක් එකම නගරෙම වගේ ලොකු තැන් හදන්න යද්දි එන්න එන්න කොට්ටම්බා ගහේ හිටපු කාක්කොන්ට කන්න බොන්න වුනත් අඩු වෙන ගාණට වැඩ සිද්ද වුනා ලු. එතකොට අර අත්තේ ඉන්න කාක්කෙක් දෙන්නෙක් කාක් කාක් ගාන්න පටන් ගත්ත ලු.


ඔය කාක් කාක් සද්දේ නවත්තන්න කියලා කලින් අර අත්තේ හිටිය සද්දන්ත කාක්කෙක් මෙයාලා ගාව ලඟින් තියාගත්ත ලු. එන්න එන්න කපුටු සුභසාධනේ අඩු වෙද්දි, සාමාන්‍ය කපුටෝ එහෙම කලින් තිබුනු විදිය එක්ක දැන් තියෙන විදිය සසඳන්න පටන් ගත්ත ලු. එතකොට මේ කාක්කෝ අර අත්තේ හිටපු කාක්කා දෙන්නා වගේ ඉතුරු කාක්කොන්ට පේන්න නෙරපුව ලු. ඒ නෙරපපු කාක්කොම දවසින් දෙකෙන් ආපහු ඒ අත්තේ ඉන්නවා ඉතුරු කාක්කෝ දැක්කා ලු.


මේ වෙද්දි ඒ අත්තේ හිටපු කාක්කෝ පොඩ්ඩ පොඩ්ඩ තමන්ගෙ කාක් කාක් සද්දේ වැඩි කරනව ලු. ඉතින් ඒ අත්තෙ ඉඳන් ඇවිත් බාගෙට අධිපති වුනු කාක්කා අර හිවලා එක්ක ඩීල් දාපු කාක්කව ලඟට ගෙනත් අපේ පැත්තෙ කපුටොත් කෑ ගස්සපන් කිව්වා ලු. ඒත් අර සද්දේ වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාලාත් වෙනම අත්තකට මාරු වුනා ලු.


දැන් මුලින් අධිපති කාක්කා එක අත්තක ලු. අලුත් අධිපති කාක්කෝ තව අත්තක ලු. දෙගොල්ලෝ වලි ලු. මුලු කොට්ටම්බා ගහම අතු දෙකක් විතර ලු. ඒකේ ඉඳපු කපුටොන්ටයි කොවුලොන්ටයි අනිත් ඔක්කොම උන්ටයි මොන අත්තේ කපුටා මොකාද කියලා කියාගන්න බැරි ලු. ඔක්කොම කපුටෝ එකයි ලු. කොට්ටම්බා ගහේ කපුටෝ එකා එකා වලි ලු. පටන් ගත්තා වගේම ලු. සාමාන්‍ය කපුටෝ බිම ලු.