Friday, December 18, 2015

ඉපැරණි කඳුලු කැටයක්

මිදුනු ඉපැරණි කඳුලු කැටයක්
ප්‍රේමද්‍යාශයක මියයන
සීතල සොඳුරු දෙනෙත් අභියස
හොරෙන් හැංගී තිබුනා

රැය නිම වෙන්න මත්තෙන්
ඒ කැටි ගැසුනු කඳුල ම
උණු වී ද්‍රවිත වී හෙමිහිට
මගේ අත්ලතට වැටුනා

ළය ඇවිලුනත් ලැව් ගිනි
මුව හස කැළුම් රඳවා
එන ඉකි අතින් අහකට
බලෙන්ම වීසි කෙරුනා

නොම ඇල් වුනත් හදවත
කලකට කලින් මීයැදුන
එක කඳුලකට මොහොතකට
යලි පණ ගසා මැරුණා

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි