Friday, December 18, 2015

ප්‍රේමය මෝසමකි

ප්‍රේමය මෝසමකි
වසරකට වරක් දෙවරක් හැලෙන
සමකය අසල හෙයින්
උෂ්ණය වෙනස් නොවෙන

ගිනි අඟුරු මහ පොලොවක
තෙහෙට්ටුව නිවන
ඉරි තැලුණු රළු පසට
ජීවය හෙමින් පොවන

නිම් හිම් නැතිව කලකට
අනෝරා බිම තෙමන
ඇබ්බැහි වෙන්න වෙන විට
ආ මං බලා දුවන

ප්‍රේමය මෝසමකි
ලඟ නොඉඳින්න රිදෙන
එනමුදු ලඟක නැති විට
මිහි ගිනි සැරෙන් දැවෙන

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි