Friday, December 18, 2015

අළු සහ තැඹිලි

මේ අහස යට නිදියමි
ප්‍රාග් ඓතිහාසික මුතුන් මිත්තන්
සැතප සිටි විලසට ම
ගල් ගුහා වෙනුවට මාලිගා තුල
ලෙන් දොරෙහි නැති සිතුවම්
මොනිටරය මත ඇඳ ඇඳ...
බස අවැසි නැත පෙර ලෙස
අකුරු දුරකතනයක කෙටුව ම

නීලම්බරය නිල් නැත
අළු අඳුර මිස;
කළුවර අහස කළු නැත
මහ පොලොව සිට දිලිසෙන
විදුලි එලි රඹ මිස දූලි මත

එක ම එක සතුටෙකි හැකිනම් අපට
මතු දිනෙක ඉපදෙන්න නියමිත
කුමන හෝ යම් කෙනෙකුට
ඉතිරි කරලන්න අහසක් අද

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි