Monday, December 14, 2015

151214

හිරු බැස යන්න නියමිත ද
දොඩමළු වෙන්න පෙර ඔබ අසල
මට හැර යන්න අවසර ද
ළය පුද දෙන්න පෙර ඔබ අතට

විශ්වීය වෛවර්ණ නීහාරිකා
ඔබෙ දෑස් යට තිබුනා
ආලෝක කල්පයක දුරක් ආ ඒ බැල්ම
මගෙ දෑස් මත රැඳුනා

විසල් සුන් කළු රික්ත සක්වලක
මගෙ වචන මඟ හැරුණා
සොඳුරු මන්දාකිණි වැටක මැද
විසිරි පද වැල් තිබුනා

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි