Sunday, November 1, 2015

රජනිහි නෙත් නොසැතපෙනා

සතන් හිනැහෙනා
උන්මත් කැළඹි නුවණා
තමණට නොහොබිනා
මධුවිත පිරි මඟක දුවනා

ප්‍රේමයට පුද දුන්
යැයි සිති ළය ද පුහුදුන්
නිසලව වැතිර වුන්
මන් හොඳටම අතරමන්

කව් නොලියවෙනා
රජනිහි නෙත් නොසැතපෙනා
පෙම් කවි නොමැති දෙරණා
රා ගිනි දරුණු දැවෙනා

මුව බැඳුනු වත්සොනු
රැය නිම වෙන්ට පෙර සුනු
නොම දනිමි ලියවුනු
කවි මැද පද මඟහැරුණු

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි