Sunday, October 18, 2015

සමනල්ලුන්ට ඉඩ නැද්ද

හිම කැටිති වන් දෙනුවන්
සුන්දර ලෙසින් අඩවන්
පාටල වණින් හැඩවන්
ලවනත මත අතරමන්

ඔය ඉහිරෙනා මකරන්ද
මල් පැහැ සේ ම මනරම් ද
ගුම් ගුම් ගාන බඹරුන් ට
සමනල්ලුන්ට ඉඩ නැද්ද

ඔය හිත ගාව මුමුනණ
තව හිත ගාව අවසන
වෙන අප හීන හෙම ගණ
සෝ දුක් නැද්ද එය ගැන

මල් නොපිපෙනා ඉමකින් ද
දෙරනත වැසූ හිමකින් ද
නොනිවී සිනා සලමින් ම
සුපිපී ඉන්න පුලුවන් ද

ලොවකට වඩා හිතවත්
රැයකට හොරෙන් සිඳගත්
හිරි සං මලක් වැදගත්
නැත අප කොතෙක් පැතුවත්

කවිකාර වුව මයෙ හිත
කෙසේ පුදනෙමි ඔබ වෙත
වශී කරගෙන මයෙ නෙත
කෙසේ ඔබ විඳිනෙ ද සෙත

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි