Thursday, October 15, 2015

වරප්‍රසාද

මගේ මේ වරප්‍රසාද,
ධනවාදයට පිං සිදු වෙන්ට
මට ඇති,
මාවම මරාගෙන කනකොට...
ජීවිතේ එකම තැන
නතර වී පල් වෙවී යනකොට...
මට මාවම
හෙමි හෙමින් එපා වෙනකොට...
මෙක් එකේ සුන්දරම්
තඩි බෑගයක් බැඳගෙන
බත් උයං ඔතාන තනියෙම
මං මුණගැහෙන විට සතුටින්
සිංහලෙන්
"උගතමනා ශිල්පයමයි
මතු රැකෙනා"
ලු.

ධනය මූලික
අධ්‍යාපන ක්‍රමේ
වැරැද්ද
ඌට කියන්නෙ කෝමද?

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි