Friday, October 2, 2015

මේ මේපල් තුරු යහන

මේ මේපල්
තුරු යහන පාමුල
වසන්තය
දිය වෙවී
ඔන්ටාරියෝ විල මතට
හෙමි හෙමින්
ගලා යනු පෙනේ

ඈතින්
කොහේ හෝ සිට
පොල් ගසක තල් ගසක
උණ ගසක නුග ගසක
ඇමතුමක්
හීන් හඬකින් ඇසේ...

වසන්තයම පමණක්
රජයන දේශයක
හඬක් වැනි...

නමුදු කළ හැකි
වෙන කිසිවකුදු නැත
දිය වෙවී දිය වෙවී
මැකෙනවා හැර...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි