Tuesday, September 8, 2015

නූපන් උඹට...

චේ වේවා
හිට්ලර් වේවා
ගාන්ධි වේවා
ඉඩි අමීන් වේවා

මාර්ටින් ලූතර් කිං වේවා
මාර්ටින් වික්‍රමසිංහ වේවා

මැන්ඩෙලා, ටෝල්ස්ටෝයි
සියැට්ල්, බීතෝවන්, පිකාසෝ
මහින්ද, ප්‍රභාකරන්

ඔය කවුරු හරි
උඹ වගේ
පැන්සල් තුඩක
පැටලිලා
අහකට
වීසි
කෙරුනානම්...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි