Monday, August 31, 2015

ඔවුහු...

ඔවුහු තම ප්‍රේම කතාව කඳුළු බිඳු වලින් තෙත් වූ පින්සල් තුඩකින් සිත්තම් කරමින් වුන් හ.

ඔවුහු තම ප්‍රේම කතාව ඉසියුම් වූ රටාවන්ගෙන් යුක්තව ඉමහත් ඉවසීමෙන් කැටයම් කරමින් වුන් හ.

ඔවුහු තම ප්‍රේම කතාව නීල ගගනත සැරිසරන්නා වූ සිසිර පවනට මුමුනමින් වුන් හ.

ඔවුහු තම ප්‍රේම කතාවෙහි මිදී කිමිදී මිය යමින් වුන් හ.

ඔහුවු තම ප්‍රේම කතාව ප්‍රේම කතාවක් බැව් නොදැන වුන් හ.

ඔවුහු ප්‍රේමයෙන් වෙලී ප්‍රේමය සොයන්නා වූ හ.

ඔවුහු තම අන්‍යෝන්ය ප්‍රේමය දනිත් නම්...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි