Tuesday, August 25, 2015

ඩිග්‍රියක රස්තියාදුව

පාපැදියක නැඟී
ඩිග්‍රිය වෙතට
පදිනෙමි...
මුසාවට මුලාවෙන
යථා නැති කතාවක
දුම් රියක නැඟ
නැවත එන්න ට

අතරමඟක දි
ප්‍රේමය ග්‍රයින්ඩ් කර
ඔතාගෙන ඔතාගෙන යමි
සිල්බරයක් මත
ෆිල්ටරයක් නොමැති සඳ

අරුමැති රසකාර
පැණි බීම වී
සන්තාන කළඹයි
ඉපැරණි බරසාර
දෙගුරු රුහිරු සේද

කවිකාර හිත ගාව
පව්කාර කම
රත්න සේ
රත් වෙවී දිදුලයි
ගෙල ලා
ලෝ ඉදිරියේ තැබුවාම..

මව්බිමට අතවනා
ඩිග්‍රිය ට වැඳි
එදා සිට
දින දින ම මියෙන්නෙමි
අරුත් නැති කතා මැද
ටිකෙන් ටික

ලෙක්චරර් බුදියයි.
මම ද බුදියමි
උරාබිව් පෙම විත්
කැස්සකින් ටොකු
අනින තෙක්..
"ලෙක්චරර් දුම් රිය මතය
උඹ එහෙම නැත"

සැබෑවකි..
මම තවම ඇවිදිමි
පාපැදිය - ප්‍රාණය ට
සින්න වී ඇති සේ ය.

ඩිග්‍රියක් ඇති දාට
නැවත මිලදී ගනිමි
මා අතින් මඟ හැරුණු
මා දිවිය...
එතකන් නැවත බුදියමි...

සායම් යමින් දියවෙන
තාරුණ්‍යෙහි තනිකම
සොච්චම් උපාධියකට
නවතාලන්න ඇහැකිද?

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි