Tuesday, February 24, 2015

ඉතින් හෙට උදෑසන

ඉතින් හෙට උදෑසන
අවදි වෙන තුරු අපි බලාගෙන

විඩාවට සිනාසෙන
සිනාවට විඩාවෙන
කුඩාවට පතාගෙන
මහා බර දරාගෙන
මුසාවට මුලාවෙන මිනිසුනේ

ඔබේ සහ අපේ හෙට
කුඩාවට හෙමින් අපි තනමු...

ඔබ අපට හා අපි ඔබට මිස,
බරක් වී කිම මෙසරු පොළොවට..
සඳක් වී එළි කරමු දෙරනත
සවිය වී හිරු එන්න පෙර 
එළිය ගෙන හෙට උදෑසන...

ඉතින් හෙට උදෑසන
අවදි වෙන තුරු අපි බලාගෙන

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි