Tuesday, February 17, 2015

ඇඳ ඇතිරිල්ලක් යට සිට ලියමි.

අහස් කුස සිපගන්න
වෙර දරණ බිල්ඩිමක
වලාකුළක ට අඟලක් පහත
කාමරයක ජනේලයක ට
ආව හිම කැටයක්
මුමුණයි...

"තාම උඹ නිදි ද,
හීන විතරක් ඇති ද?
උඹ ඔය කියන
ප්‍රේමණීය විප්ලවය
තාම ඇඳ ඇතිරිලි යට ද?
ඉතින් දැන් නැගිටපන්..
කාලය
උඹ එනකන් ඉන්නෙ නැති වෙයි"

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි