Wednesday, January 7, 2015

ඉස්සර

ඉස්සර
තණ බිස්ස හිඳ
ගණන් කල තාරකා
අද
මියැදෙනා දූෂිත
වාතයේ සැඟවී...

ඉස්සර
මහ හඬින් හැම දෙනා
හිනැහෙනා කොපුල් තර
අද
හඬ හඬා වැලපෙන
හීනයේ සැඟවී...

ඉස්සර
බුර බුරා දැවි දැවී
කැළඹෙනා යොවුන් කම
අද
දින දිනේ ඇතුල් වන
වැඩ පලේ, පත පොතේ
හදවතේ සැඟවී.....

1 comment:

  1. දිදුලානිApril 8, 2015 at 11:15 AM

    මං හිතන දේම නං ඔයත් කියන්නේ, අපිට නෑ යව්වනය

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි