Friday, January 16, 2015

වීථිය නිසොල්මන්
පන් කණු අතර හොල්මන්
හිම කැටි ද නිල්වන්
මැදියම මැද අතරමන්

කසාවත් හැඳ හිඳි
ධවල යහනක ලොව නිදි
පමාවට හිස සිඳි
ලොවක යහනත සැපත නොම රැඳි

හිරිගඩු පිපෙන හිම රොඩු
නෙත මත කැවෙන අවනඩු
හදකට සිසිල නොම අඩු
විටකදි හිම ද පිහිතුඩු

Wednesday, January 7, 2015

ඉස්සර

ඉස්සර
තණ බිස්ස හිඳ
ගණන් කල තාරකා
අද
මියැදෙනා දූෂිත
වාතයේ සැඟවී...

ඉස්සර
මහ හඬින් හැම දෙනා
හිනැහෙනා කොපුල් තර
අද
හඬ හඬා වැලපෙන
හීනයේ සැඟවී...

ඉස්සර
බුර බුරා දැවි දැවී
කැළඹෙනා යොවුන් කම
අද
දින දිනේ ඇතුල් වන
වැඩ පලේ, පත පොතේ
හදවතේ සැඟවී.....