Monday, October 20, 2014

මුත් නැති ද සිතුවිලි...

වැත්කෙරෙන වැරහැලි
නෙත් නැඟෙන කඳුලැලි
සිත් රිදෙන දියසුලි
මුත් නැති ද සිතුවිලි

ඇත් අසු ද රියකෙළි
විත් රැගෙන යලි යලි
යත් සළුව සැලි සැලි
ළත් නොමැත ඉවසිලි

නෙත් නැඟෙන කඳුලැලි
ළත් නිබඳ ගිලි ගිලි
ගත් සඟව කැණසිලි
වත් මවන හසරැලි

කත් නොවිඳ රිදවිලි
උද්දවති සිතිවිලි
ලත් පෙමට ගැරහිලි
වුත් වුන්ට සැළකිලි...


PS.
(ලොව් දෙබඹ මැද වැදී
සිව් දෙසට කෙත් විදී
පව් කරන දන ඇදී
රළු නිරය වෙත වදී)

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි