Thursday, March 28, 2013

ලෝකෙන් උතුම්ම ලිඳ මගේ ලිඳයි. මම ගෙම්බෙක්මි.


එකෝමත් එක කාලෙක කොහෙද ඈත පිටිසර පලාතක තිබුනලු ගැඹුරු ලිඳක්. ඔය ලිඳේ හිටියලු ලොකුම ලොකු ගෙම්බෙක්. මුලු ලිඳේම තමන්ගෙ අණසක පතුරගෙනලු මේ ගෙම්බා හිටියෙ. හැබැයි ඔය ලිඳේ ඔය ගෙම්බා ඉන්න කාලෙ ඉඳලම ඉන්නවලු පුංචි හුංගෙක්. ඉතින් ඔය ගෙම්බයි හුංගයි මතක ඇති කාලෙ ඉඳලම පොඩි පොඩි රණ්ඩු කර කර ලු හිටියෙ. හැබැයි මොන වෙනස් කම් තිබුනත් ගොඩාක් කාලයක් උන් එකට හිටියලු.

ඔන්න ඔහොම ඉන්නකොට ගෙම්බාට තේරෙන්න ගත්තලු අර පුංචි හුංගට වඩා බලයක් මේ ලිඳ ඇතුලෙ ගෙම්බාට තියෙනව කියල. ඉතින් ඒක තේරුණ දවසෙ ඉඳලම ගෙම්බා කරේ මුලු ලිඳේම තමන්ගේ අණසක පතුරවල තමන්ට ඕනෙ විදියට ලිඳේ ඉන්න හැමෝම ඉඳිය යුතුයි කියල නීති දාපු එකලු. ගෙම්බා එක්ක හුංගත් මෙච්චර කල් හිටිය කියපු එක ගෙම්බාට අමතක වුනාලු. හුංගට ඕනෙ දේවල් මොනව තිබුනත්, ඒව ගැන හුංගා මොන විදියට ප්‍රශ්න කරත් මේ අපේ ගෙම්බාට නෙවෙයි ලු ඒව ඇහුනේ.

ඔහොම ටික කලක් යද්දි හුංගටත් සාධාරණයක් ඕනෙ වුනාලු. ඉතින් හුංග ගිහින් ගෙම්බාගෙන් ඇහුවලු ලිඳෙන් හුංගට කෑල්ලක් වෙනම වෙන් කරල දෙන්න පුලුවන්ද කියල. ගෙම්බා සුපුරුදු පරිදි හුංගාව ගණන් නොගෙන හිටියලු. මෙහෙම දෙතුන් සැරයක් අහද්දිත් මුකුත් ම විසඳුමක් දෙන්නෙ නැත්තම් 'ගහද්දි ගහද්දි වඳින මිනිහත් මෝඩයා' කියල හිතාගෙන හුංගා තීරණය කරාලු ලිඳෙන් කොටසක් වෙනුවෙන් සටන් කරන්න.

ඉතින් මේ ගෙම්බයි හුංගයි කාලයක් සටන් කරාලු. අන්තිමට හුංගා සටනින් පැරදුනේ ආපහු පාන් කියාගන්න බැරි ගාණටලු. මුලු ලිඳ වටේම බැලුවත් හුංගාට සරණක් තිබුනේ නැතිලු. ඌ දැක්කෙ අපේ ගෙම්බා ප්‍රීති ගෝෂා නඟන අයුරු විතරලු. ඒ හුංගා බැරිකමට ම කට පියාගන්න තීරණය කරාලු.

ඔය අස්සෙ ඔය ලිඳේ වතුර පිරිසිදු වෙන්නද මොකද්ද කියල ගප්පි දෙන්නෙක් ලිඳට දැම්මලු කවුදෝ කෙනෙක්. ඒ වෙද්දි ගෙම්බා හිතාන හිටියේ මුලු ලිඳේම තනි අයිතිය තමන්ට විතරයි කියල ලු. ඉතින් ගප්පි ආපු ගමන් ම තර්ජනය කරාලු වැඩිය සෙල්ලම් දාන්න එපා කියල. හැබැයි ගෙම්බාට නොතේරුන දේ තමයි ලිඳ කියන්නේ තමන්ගෙ පෞද්ගලික බූදලයක් නොවෙන බව. එකට සහෝදරත්වෙන් ජීවත් වීමක් ගැන කතන්දර කිව්වට මේ යෝධ ගෙම්බා ඒවා වල තේරුම මොකද්ද කියල සත පහකට හිතල බැලුවෙ නැතිලු.

ඉතින් කල් යද්දි ලිඳේ වහන කෘමියො එහෙම මේ ගප්පි කන්න ගත්තලු. ඒකට ගෙම්බාගෙ වැඩි කැමැත්තක් තිබුනෙ නැතිලු. ප්‍රශ්නෙ තව දුරටත් දලු දාන්න ගත්තෙ මේ ගප්පි දෙන්න පැටව් ගහන්න ගත්තට පස්සෙලු. මේ ගෙම්බා දැන් ඔය ගප්පි එක්කත් රණ්ඩු වෙන්නලු හදන්නේ.

කතාව එතනින් ඉවර වෙන්නෙ ඊට පස්සෙ මොනව වේවිද කියල හිතාගන්න අපිට ඉඩ තියලා. හැබැයි කතාව ඉවර වෙද්දි ගෙම්බා ඉන්නේ හුඟාක් තරහින්. මොකද ගෙම්බා කවදාවත් තමන්ගෙ පාලනේ ගැන කවුරුත් ප්‍රශ්න කරනවට කැමැති නැති නිසා. මෙතන ප්‍රශ්නයක් තියෙනවද නැත්ද කියන එකට වඩා ගෙම්බාට ප්‍රශ්නයක් වෙන්නෙ තමන්ගෙ පාලනේට අභියෝග වෙන එක. එතනදි ඒ ගප්පි ආවේ කොහෙන්ද ගප්පි හිටියේ කොහේද ගප්පි කියන්නෙ කවුද කියන එක ගෙම්බාට අමතක වෙනවා. ගෙම්බාට ගප්පි පේන්නෙත් කලින් අර හුංගාව පෙනුන විදියටමයි.

ගෙම්බා ලිඳ වටේ හැදිල තියෙන වල් පැලෑටි කොච්චර සුද්ද කරත් ලිඳේ පිරිසිදු කම වැඩිපුරම තීරණය වෙන්නෙ ලිඳේ වතුර වලින් කියන එක තාම ගෙම්බාට තේරෙන්නෙ නෑ. ගෙම්බා හුංගාව සහ ගප්පින්ව දකින්නෙ ලිඳේ වතුර අපිරිසිදු කරන්නන් විදියට. හැබැයි හුංගා එක්ක යුද්ද කරල ලිඳේ වතුර වලට ලේ තැවරුවේ ගෙම්බාමයි කියල හිතන්න තරම් දැනුමක් ගෙම්බාට නැති හැඩයි. දැන් හුංගා එක්ක රණ්ඩු සරුවල් ඉවර වුන නිසා ගෙම්බා හිතන් ඉන්නෙ හුංගාට තමන් විසින් සාධාරණයක් ඉෂ්ට කරා කියල. ඒත් හුංගාගෙ ප්‍රශ්න හුංගාට මිසක් ගෙම්බෙක්ට තේරෙන්නෙ නැති බව ගෙම්බාට තේරෙන්නෙ නෑ.

පීඩනය පීඩිතය මිසක් වෙන කිසි කෙනෙක්ට නිර්වචනය කරන්න බෑ කියන එක තේරුම් ගන්න තරම් ගෙම්බා දියුණු වෙලා නෑ. හැබැයි ඒ අතින් දියුණු වෙන්න පුලුවන් සාමකාමී වටපිටාවක් හදාගත්තු ගමන් ගප්පි වගයක් අල්ලගෙන රණ්ඩු කරන්න යන්නෙ ගෙම්බාගෙ තියෙන නොදැනුවත් කම සහ සාමකාමී වටපිටාවක ජීවත් වෙලා පුරුදු නැති මානසිකත්වය නිසා කියන එක මගේ හැඟීම.

හුංගා එක්ක ප්‍රශ්න තියෙනවනම්, ගප්පි එක්ක ප්‍රශ්න තියෙනවනම් විසඳන්න ක්‍රම තියෙනවා. ප්‍රශ්නයකට  සෘජු විසඳුමක් නැත්නම් ප්‍රශ්නය සම්බන්ධ පක්ෂ දෙකටම ලැබෙන දෙයක් සහ පක්ෂ දෙකටම නැති වෙන්න දෙයක් තියෙන්න ඕන. හැබැයි ලැබෙන්නෙ මොනවද නැති වෙන්නෙ මොනවද කියන එක වැඩිපුර බලය තියන පාර්ශවය තනියම තීරණය කරනවනම්, විසඳුමක් හොයන එකේ තේරුමක් තියෙනවද? ප්‍රශ්නෙකට විසඳුම් හොයන්න ඕනෙ ප්‍රශ්නෙ දිහා තනි ඇහැකින් බලලා නෙවෙයි. ප්‍රශ්නයකට විසඳුම් හොයන්න ඕනෙ ප්‍රශ්නෙ දිහා බලන්න පුලුවන් කෝන හැම එකකින් ම ඒ දිහා බලලා ඉවර වුනාට පස්සෙ. එතකන් සාධාරණ මොකද්ද අසාධාරණ මොකද්ද කියල බලය තියෙන පාර්ශවයට තීරණය කරන්න බෑ.

ලිඳ ඇතුලෙ ඔහොම ප්‍රශ්න තියෙද්දි ලිඳෙන් පිට මොනව වෙනවද කියන එක ලිඳේ ඉන්න ගෙම්බා ගැන දන්න හැමෝම දන්නවා. මේ ලිපිය මෙච්චර වෙලා කියෙව්වා නම් තව විනාඩියක් අරගෙන කල්පනා කරල බලන්න මේ කතාවෙ අපි ඉන්නෙ කොතනද කියලා. පෞද්ගලිකව හිතෙන කතාවක් කියන්නම්, මේ යන විදියට ගෙම්බාට ලිඳෙන් එලියට එන්න පුලුවන් කමක් මට නම් පේන්නේ නෑ. හැබැයි ගෙම්බා ලිඳ ඇතුලෙම මැරිලා ගියොත් කාටවත් ගෙම්බාව මතක හිටින එකකුත් නෑ.

Sunday, March 24, 2013

මෝටර් සයිකල් අයියා. (unedited)


එක දවසක් උදේ එක මල්ලි කෙනෙක් පාරක බයිසිකලයක් පැදගෙන යනවා. එයා බයිසිකලය කාලයක් තිස්සේ පැද පැද හිටියේ. හැබැයි ඔය මම කියපු දවස වෙද්දි ඒ මල්ලිට ඒ බයිසිකලේ මොකක් හරි අඩුවක් තියෙනවා කියල තේරෙනවා. ඒ දැන් හුඟාක් කාලේකට කලින් දවසක්. ඒ දවසේ මල්ලි හොයනවා උත්තරයක්. එයාට ඒක හොයාගන්න ලැබෙන්නේ නෑ.

ඒත් එදා හවස එයාගෙ පාර එයාට තිබුනු බයිසිකලයෙන් රජ කර කර ඉඳිද්දි එයා ඉස්සරහින් ලස්සන අලුත් මෝටර් බයිසිකලයක අයියා කෙනෙක් යන්ට ගියා. ඒ වෙලාවේ එයාට හිතුනා ඒක තමයි එයා හොයපු උත්තරේ කියලා. ලස්සන මොටර් සයිකලයක්. ඉතින් මෙයා ටක් ගාලා එයාගේ බයිසිකලේට නැගලා අර මොටර් සයිකල් අයියාගේ  පිටිපස්සෙන් යනවා. ඒ අයියාත් කොහොම හරි මෙයාව දැකලා පොඩ්ඩක් කතා කරනවා. දෙන්නා අතරේ සුහදතාවක් ඇති වුනාට පස්සේ එයා තේරුම් ගන්නවා එයාටත් මොටර් බයිසිකලයක් ගන්න පුලුවන්, ඒකට මහන්සි විය යුත්තේ එයාමයි කියලා.

ඉතින් මේ මල්ලි මාස ගාණක් වෙහෙසිලා මොටර් බයිසිකලයක් ගන්නවා. ඒත් ඒ වෙද්දි එයාට අර අයියා කොහේද කියල හොයා ගන්න ලැබෙන්නේ නෑ. එයා අර අයියාව හොයනවා ස්තුති කරන්න එයාට හරි පාර හොයා ගන්න උදව් කලාට. මාස ගාණක්. නමුත් එයාට හම්බු වෙන්නෙ නෑ මේ අයියාව.

ඒත් එක දවසක් එයාගෙ කණේ ටිකක් කල් ඉඳල තිබුන කරාබුවක් කණට කොඳුරලා කියනවා අර අයියා මෙතන ඉන්නවා, ගිහින් ස්තුති කරන්න ඕනෙනම් කියලා. ඔය කරාබුවේ කතාව හුඟාක් දිග, වෙනම කතාවක්. ඒ ගැන කතා නොකර ඉමු. ඉතින් මේ බයිසිකල් මල්ලි මොටර් සයිකල් මල්ලියෙක් වෙලා ගිහින් හම්බු වෙනවා අර මොටර් සයිකල් අයියාව ටිකකට.

ඊට පස්සෙ ටිකක් කල් ගෙවිලා යනවා. ටිකක් කල්. ඔය අතරෙදි අපේ බයිසිකල් මල්ලිට (ඉස්සර එහෙම කියපු නිසා තවම එහෙම කියමු ) හදිසියේ කොළඹ යන්න ඕනෙ වෙනවා. ඉතින් දැන් ඔය අධිවේගී පාරත් හදපු නිසා මෙයා අධි වේගයෙන් ඒක ගාවට යනවා. (ඔන්න ඉතින් මට කතාව වෙනස් කරන්න කම්මැලි නිසා අපි හිතමු අපේ හයිවේ එකේ මොටර් සයිකල් වලට යන්න දෙනවා කියලා)

ඉතින් ඔන්න ඔය දක්ෂිණ අධිවේගී එක ගාවදි මෙයාට පේනවා අර මොටර් සයිකල් අයියා තමන්ට ඉස්සරහින් යනවා. දැන් අධිවේගී පාරට ඇතුලුවෙන්න ඔන්න මෙන්න වගේ. මෙයා අයියා දිහා බලන්නෙවත් නැතුව අයියාව ඉස්සර කරලා ඉස්සරහට යනවා. හැබැයි පහු වෙද්දි එයාට දැනෙනවා එයාගෙ කකුල මොහොක හරි වදිනවා. ඒත් එයාට පිටි පස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ. එයා අධිවේගී පාරට ඇතුල් වෙනවා.

එතකොට එයා දකිනවා අර ඇතුල් වෙන තැන කිට්ටුව අතුරු පාරක අර මොටර් සයිකල් අයියා වැටිලා හොඳටම තුවාල වෙලා ලේ ගල ගල ඉන්නවා. ඒ කිට්ටුවක උදව්වක් කරන්න කවුරුත් නෑ. මේ මල්ලිට එතකොට මතක් වෙනවා එයා ඉස්සර කරද්දි වෙන්න ඇති නේද මේ අයියාගේ ඇඟේ වැදිලා අයියා වැටුනේ කියලා. ඒත් ඊලඟ පිටවීමට තව හුඟාක් දුර. ඒක හම්බු වෙනකන් යන්න තරම් වෙලාවක් තියෙද කියන්න මේ මල්ලි දන්නෙ නෑ.

මල්ලි අර අයියා දිහා බලනවා උඩ ඉඳන්. ඒ අයියා පහල ඉඳන් කෑ ගහල කියනවා "මල්ලී උඹ යන තැනක සතුටින් පලයන්, මට පුලුවන් මං ගැන බලාගන්න. මම වැටුනේ උඹ නිසා නෙවෙයි. උඹ යන ගමන උඹට වැදගත්, උඹ ඒක හිත කෙලින් තියාගෙන පලයන්" කියලා.

අයියාගේ කටහඬ මොකක් කියනවද කියල මෙයාට තේරෙන්නෙ නෑ. ලේ වලින් නෑවුන අයියා අඬනවද නැද්ද කියලා මෙයාට තේරෙන්නෙ නෑ. ඊලඟට මොනවා කරන්නද කියලා මෙයාට තේරෙන්නෙ නෑ. මල්ලි මෙතනදි අසරණයි. මල්ලි නිසා අයියා හුඟාක් අසරණයි.

Love in the Cimmerian Shade




Let the clock strike one
And let the hour of death pass away;
And dawned, will be the hour of ours
Once the pale sickness has faded,
But yet in the darkness, yes in the darkness

Let the moon be covered in the clouds
For there is no bigger intruder than moon herself,
When no words of love may be said
But carved deep in our hearts,
In the rhyming screams of silence.

Even maiden Earth may look away,
When she herself can bear no more;
And let not the sweet dew touch upon your lips
For an illusion it may be, despite the sweetness
When, against us, the whole world conspires

Let the ghost of love haunt us;
Strangle us, make us blind, may do whatever pleases
But bind us with an eternal thread
For even when the worlds fall, we'll hold on
And none but The Lord may take us; No not even he..

Saturday, March 23, 2013

වේදිකාවක්... (unedited)


(වේදිකාව මත y හිඳී. x එක් පසෙකින් ඇතුලු වෙයි.)

x: මේ වේදිකාව ලස්සනයි.

y: වේදිකාව? ලස්සනයි?

x: ඔව් අපි දෙන්නා ඒක උඩ තනියම.

y: (කුඩා සිනාවක් පාමින්) ඔයා එන්න කලින් ඉඳන්ම මම වේදිකාව උඩ තමයි හිටියේ.

x: මම දන්නවා.

y: ඔයා කොහොමද දන්නේ?

x: මමත් වේදිකාව උඩ තමයි හිටියේ ඔයා දැක්කේ නැති වුනාට. හැබැයි, අන්න අර තිරේට පිටිපස්සේ.

y: ඉතින් ඇයි ඔයා එලියට ආවේ නැත්තේ?

x: ඔයා ලස්සන නැටුමක් කර කර හිටියේ. මට මැදට පනින්න වුවමනාවක් තිබුනේ නෑ කොයිම වෙලාවකවත්. මම ඉස්සරහට ආවොත් ඔයා නැටුම නවත්තන බව මම දන්නවා.

y: මට අත්පුඩියක්වත් ගැහුවෙ නෑ ඔයා.

x: අත්පුඩි මම ගහන්න ඕනේ නෑ නේ? ප්‍රේක්ෂයෝ ඔයාට අත්පුඩි ගැහුවනේ. මට එතනත් මැදට පනින්න පුලුවන්ද? වේදිකාව උඩ ඉඳල එන අත්පුඩියක්? නාහ්

y: ඉතින් ඔයා ප්‍රේක්ෂකයෝ ඔක්කොම යනකන් ඉඳල වේදිකාව ඉස්සරහට එනවා?

x: මම මහ අවස්තාවාදියෙක් නේද?

y: ඇයි ඔයා එහෙම කියන්නෙ?

x: නෑ නිකමට හිතුනු දේ කිව්වේ. වැරද්දක් නෙවෙයි නෙ?

y: දන්නේ නෑ. අවංකවම.

x: ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ?

y: හ්ම්ම්... තරමක් දුරට.

x: මට උත්තරයක් හොයල දෙන්න පුලුවන්ද?

y: කාට හරි උත්තරයක් හොයල දෙන්න පුලුවන්නම් ඒ ඔයාට විතරයි. ඒත් මට ඒ ගැන විශ්වාසයක් නෑ දැන්.
x: මට කියන්න කියල කිව්වොත් ඔයා මට කියනවද?

y: (ලොකු කාලයක් කල්පනා කර ) ප්‍රේක්ෂකයෝ ඉල්ලනවා අපි දෙන්නා ඉන්න කතාවක්.

x: මම ඒක දන්නවා කිව්වොත්?

y: මම අහනවා ඒකට කැමතිද කියලා.

x: (එසැනින්) මම කැමතියි. හුඟාක්.

y: මමත්..... ගොඩාක් කාලෙක ඉඳලා. අපි මේ තත්පරේට රඟදක්වමු කතාවක්.

x: ඒකම නෙවෙයිද අපි මේ කරන්නේ. මමත් උන්නේ මේ ගැන හුඟාක් කාලයක් හීන දැක දැක.

y: මම ආසයි මේ මොහොතට.

x: මමත් හුඟාක් ආසයි. වේදිකාව උඩ තනියම ඉන්න, මුලු රඟහලටම ඇහෙන්න හයියෙන් කෑ ගහල අඬන්න. මේක අපේ මොහොත. හරි සුන්දරයි සහෝදරී.

y: ඒත් ඒක මේ මොහොතට විතරක් සීමා කරන්න සහෝදරයා.

x: (පුදුමයෙන්) ඇයි?

y: මම ලියලා ඉවර වුන කතාවක්. මට කැමති නෑ ඔයා මගේ කතාව මැදට ඇවිත් අතරමං වෙනවට. ඔයා හොයාගන්න ඔයාටම ගැලපෙන පිටපතක්, අධ්‍යක්ෂක වරයෙක්. ඔයා යන්න මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම. මම වේදිකාව පිටිපස්සේ ඉඳලා සතුටු වෙන්නම්. ඒත් මට ඔයා පොරොන්දු වෙන්න මම ඉන්න හැම පුංචි කතාවක්ම බලන්න ඔයා එනවා කියලා.

x: (තවමත් පුදුමයෙන්) ඇයි ඔයා එහෙම කියන්නේ? අපි කතාව එකට ලියමු. අපි අපේ පිටපත ලියාගමු. මං කැමතියි ඒ කතාව මැද අතරමං වෙන්න. ඒකට මට ඉඩ දෙන්න. මට වෙන පිටපත් එපා.

y: මට ඔයාට එහෙම වෙන්න ඉඩ දෙන්න බෑ.

x: "සහෝදරවරු හතලිස් දාහකට කවදාවත් බැරි තරමට මම එයාට ආදරය කලා"

y: හිහ් හිහ්. හැම්ලට්?

x: මම දන්නවා මට රඟපාන්න බෑ කියලා. මම දන්නවා මට හරි මොහොතෙදි හරි කතාව තෝරගන්න බෑ කියලා. මම දන්නවා කිසි තේරුමක් නැතුව මම ජනප්‍රිය වුනේ කියලා. ඒත් ඒ හැමදේටම වඩා මම දන්නවා මට මේ කතාව ලියන්න ඕනේ කියලා.

y: ඇයි ඔයාට මේ කතාවම ඕනේ? ඇයි ඔයාට මීට වඩා හොඳ කතාවක් හොයාගෙන යන්න බැරි? ඔයා රඟපාන ඒ ලොකු කතාව බලන්න මම එන්නම්. වේදිකාව පිටිපස්සෙ ඉන්නම්. නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ. ඔයා කියන තැනක.

x: මට ඕනේ ඔයා මාත් එක්ක මේ වේදිකාව උඩ ඉන්නවා දකින්න. ඔයාට එහෙම ඕනෙ නැද්ද?

y: ….

x: ඔයා අඬන්න එපා. ඔයා අඬනවට මම කැමති නෑ.

කෙටිකතාවක්


"මචං අපි කෙටිකතාවක් ලියමු?" මම ඇසීමි.

"හ්ම්" ඇය නිමක් නැති මහා සමුදුර දෙස බලා සිටියි.

"ඒ මචං අපි කෙටි කතාවක් ලියමුද?" මම නැවත ඇසීමි. "මේ මුහුද දිහාම බලාගෙන ඉඳල දැන් එපා වෙලා බං"

"මට නම් එහෙම නෑ. බලහං මේ මුහුද කොච්චර ලස්සනද කියලා. අර තැඹිලි පාටට දිලිසෙන අහස? රතු පාට බෝලයක් වගේ තව ටිකකින් බැහැල යන ඉර? උඹට කොහොමද මුහුද එපා වෙන්නෙ?"

"හරි හරි.. නෑ ඒක නෙවෙයි මම අදහස් කලේ. මුහුද දිහා බලං ඉන්න එක අපි හැමදාම කරනවනේ. අද වෙනසකටත් එක්ක අපි නිකං ඉන්න එකේ කෙටි කතාවක් ලියලා දාමුකො. ඒකෙන් අපි දෙන්නටම නරකක් වෙන්නෙ නෑනෙ."

"මට ඕවා ලියන්න බෑ. උඹ දන්නවනේ"


"මටත් බෑ. ඒක නිසා අපි දෙන්නම ලියමු" මම ඈ දෙස බැලීමි. ඈ මදෙස බලා සිනාසෙයි.


"ඉතිං කැමතිද?" මම නැවත ඇසීමි. "මොකෝ හිනාවෙන්නේ?"

"නෑ උඹත් මේ මොකකට හරි ඔච්චර වුවමනාවකින් ඉන්නවා දැක්කේ ගොඩක් කාලෙකින්. හ්ම්.. උඹම පටන් ගනින්කො බලන්න"

"හිටහන් මම මේ කල්පනා කරන්නේ කොහොමද අපි මේක පටන් ගන්නෙ කියල"

"අයියෝ උඹ වැඩේ ගැන කතාකරාට ඒක කරන්නෙ කොහොමද කියලා අදහසක් නෑ නේද?" ඈ තවත් සිනාසෙයි.

"මේ සහෝදරී, එක පාරකට එක අඩියයි හරිද? එක දවසින් චීන මහා ප්‍රාකාරේ හැදුවෙ නෑනෙ"

"චීන මහා ප්‍රාකාරේ හදන්නද අදහස? මගේ හිතේ නම් තිබුනේ අපේ වටේ වැටක් ගහගන්න විතරයි"

"වැටක් ගහනවනම් චීන මහා ප්‍රාකාරයක්ම ගහමු නේද?"

තව සුලු මොහොතකට මහ සමුදුර විසින් අප සිත් පැහැර ගනු ලැබීය. ඒ නිහඬ බව මින් පෙර කෙතරම් සොඳුරු වුවත් අද මා හදට රිදුම් දෙන්නට සමත් වනු ඇති බව මා නොසිතුවෙමි. ඒ නිහඬ බව බිඳින්නට මම කටහඬ නැවත අවදි කළෙමි.

"මචං මට ආවා අදහසක්. අපි කතාව කලින් හිතාගෙන නොලියා, ලියන ගමන් එන විදියට ලියල දාමු. උඹ පිරිමි ළමයගේ චරිතෙ හදපන්. මම ගෑනු ළමයගෙ චරිතෙ හදන්නම්. ඔයා පිරිමි ළමයගෙ චරිතෙ ඔයා කැමති විදියකට හදන්න. ඊට පස්සෙ අපි එකතු වෙලා කතාව ලියමු."

"අයියෝ ආදර කතාවක් ද ලියමු කීවේ? කලින් කීවානම් බෑ කියනවනෙ මම"

"නෑ ආදර කතාවක් ම නෙවෙයි. සමහරවිට ආදර කතාවක් වේවි. සමහරවිට නොවේවි. දැනට අපිට ඒක වැඩක් නෑ. අපි දන්නේ පිරිමි ළමයෙක් සහ ගෑනු ළමයෙක් ඉන්නවා කියල විතරයි. දැනට කියමු එක වයසෙ කියල.. යාලුවො කියල වගේ."

අපි දෙදෙනම නැවත නිහඬ වීමු. තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය අප පසුකර සෙමින් ඇදී යන අයුරු අපට නොදැනුනාම නොවේ. මොහොතින් මොහොත හමනා සිසිල් සුලඟට විසිරෙන ඇගේ සියුම් කෙහෙරැලි ඒ ඇඟිලි තුඩු මතින් සකස් වන අයුරු මම බලා සිටියෙමි. ඇය අප ඉදිරියෙහි ආඩම්බරින් වැජඹෙන මහ සමුදුර දෙස තවම බලා සිටියි. මමද ඒ දෙස බැලීමි.

සැබැවින්ම අප මෙහි කුමක් කරන්නේදැයි අපි නොදනිමු. සුපුරුදු පරිදි මුහුද අද්දරට ඈ සමඟ පැමිණියා මිස මා හට මෙහි සිටීමට වෙනත් කිසිදු හේතුවක් නොවේ. ඈ හටද එය එසේම විය යුතුයැයි මම සිතමි. ඈ තරම් මා හට සමීප මිතුරෙකු මට වෙතැයි මම නොසිතමි. ඈ තරම් අන් කිසිවකු මා හඳුනන්නේදැයි ද මම නොදනිමි. අප මෙහි පැමිණෙන්නේ කිසිමාකාර හේතුවකට නොවේ. මෙහි සිටින විට අප කාලය ගත කරන්නේ මුහුද දෙස බලා තනිව කල්පනා කරමින් බව අප දෙදෙනම තේරුම් ගෙන ඇති බව මට හැඟෙයි.

මා, අප ලියන්නට යන කෙටිකතාව පිළිබඳව සිතන්නට වීමි. අප ලියන කෙටි කතාව සාර්තක නම්? අපි ඒ ගැන සතුටු නම්? එසේ නම් අප තව තවත් කෙටි කතා ලියනු ඇත. මෙහි සිට මුහුද දෙස බලා කාලය ගත කරනු වෙනුවට අපට එක්වී යම් දෙයක් කල නිසා අපට මානසික තෘප්තියක් ඇති වනු ඇත. අපි තවදුරටත් සාර්තක නම් අපිට පොත් පිංචක් මුද්‍රණය කර ගත හැකිවනු ඇත. එසේනම් අපි තවදුරටත් එකට පොත් ලිවීමෙහි යෙදෙනු ඇත. යම් දිනෙක නවකතාවක්? දෙදෙනෙක් එක්ව ලියූ සාර්තක නවකතාවක්? අපට තවදුරටත් එකට කාලය ගත කිරීමට හැකිවනු ඇත.

මම නැවත ඈ දෙස බැලීමි. ඈ ද මා දෙස බලා සිටියි.

"හරිද?" ඇය ඇසීය.

"හ්ම්"

"මොකද්ද ඔයාගෙ චරිතෙ නම?"

"මේ... මම නමක් නම් කල්පනා කරේ නෑනෙ" මම කීවෙමි. චරිතය පිළිබඳ කිසිවක් කල්පනා නොකල නමුදු ඈ හට එය පැවසීමට මා හට සිත් නොදේ.

"වයස?"

"17ක් 18ක් වගේ කියල හිතුවේ. ඊට පොඩ්ඩක් වැඩි වුනත් අවුලක් නෑ."

"හ්ම්ම් මමත් ඉතින් අපේ වයසෙ වගේ කියල තමයි හිතුවෙ."

මම සිනාසුනෙමි. ඇයද සිනාසුනි. අපි දෙදෙනම යමක් හඳුනාගත්තාක් මෙන් හැඟෙන්නට විය.

"උඹ ඇත්තටම චරිතෙ ගැන හිතුවද?" මම ඇසීමි.

"නෑ"

"මමත් නෑ" මම කීවෙමි.

ඒ කාලය තුල ඈ කුමක් සිතන්නට ඇත්දැයි මම නොදන්නෙමි. නමුදු ඈ එම චරිතය පිළිබඳ නම් සිතා නොමැති සෙයකි. ඈ අවංකව පිළිතුරු දෙන්නේද නැද්ද යන්න මට ඈ පිළිතුරු දෙන අයුරින් කිව හැක. මමද අවංකව පිළිතුරු නොදුන්නෙමි. ඇයද එය හඳුනාගත් සෙයකි.

"උඹේ කෙටි කතා අදහස මරු. ඒකෙ පලවෙනි අඩියවත් අපිට තියාගන්න බැරි වුනා. මං හිතන් හිටියෙ අපිට නවකතාවක් විතර ලියාගන්න පුලුවන් වේවි කියල." ඇය උපහාසාත්මකව කියන්නට විය.

"නවකතාවක්? උඹත් එච්චරක් දුර හිතුවද?"

"නෑ, මම අදහස් කලේ ඒක නෙවෙයි. අපි තාම පටන් ගත්තු තැනමයි. එතනින් එහාට යන්න කැමති නැද්ද?" ඇය කීය. නැවත සම්පූර්ණයෙන් අවංකව නොවන ස්වරයක් ඈ මුවින් නික්මෙයි.

"මචං පලවෙනි අඩිය තියන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි කතාව පටන් ගන්න ඕනෙ නේද? අමතක කරල දාහං ඔය නවකතාව." මම කීවෙමි.

"කෙටි කතාව නේ?" ඈ ඇසීය.

ඇය මා දෙස බලා සිනහසෙයි. මමද සිනාසුනෙමි. ඇයද මමද, අපි දෙදෙනම එකම සිහිනය දැක ඇත්තෙමු. අන්ත දෙකකින් දෙවිදියකට වුව අප දැක ඇත්තේ එකම සිහිනයෙකි. කුඩාවට අරඹා විශාල වන කතාවක් පිළිබඳ අප දෙදෙනව සිහින දැක ඇත්තෙමු. නමුදු අප දෙදෙනම අමතක කල දෙයක් විය. එනම් අප කතාවට ඇරඹුමයි. චරිත දෙකක් නොමැතිව කතාවක් නොමැත. අප තවමත් පලමු පියවර තැබිය යුතුය.

Thursday, March 21, 2013

ගිනි


ගිනි
ඔබේ, ඔබේ, මගේ හිතේ...
එකම ගින්නකින් පැතිරුණු,
තේරෙන්නෙ නෑ බිංදුවක්වත් මට
තේරෙන්න ඕනෙත් නෑ තවදුරටත්...
සමාවෙන්න සමාවෙන්න....
කලදේ හරිද? වැරැද්දක්මයි ඒ වෙලාවෙම..
මේක කවියක් නෙවෙයි,
සිතුවිල්ලක් නෙවෙයි,
මොකක්ද මන්දා....
එක අතකට අසාධාරණයි..
ඒත් අනිත් අතින්??
මට තේරෙන්නෙ නෑ බිංදුවක්වත්...
මගුල...........................................

Tuesday, March 19, 2013

Ay I feared it, I feared it


Ay I feared it, I feared it
The confrontation of an over-glorified past
With a non-existent future..
Why glorify tears fucking shed?
Why, the fucked up memories
And past experiences long gone?
What in them builds us up
But drag us down to the Earth
And fucking destroy us there


Why so depressing? Don’t ask me
Ask the fucking universe
For we don’t write poems
But the universe does.
Let all the bullcrap positive energy
Clot together and strike my heart and melt it
For I don’t fucking need one anymore

Life is a fucked up piece of shit
And trust me, we all are molecules of it
We stink when we rise, and yet
Still stink when we fall and lose.
And if life was a ball of wool
There would be no fucking lose ends
But tied ends wherever you look

I did not lose, nor fucking won
For glory is an illusion, and so is loss
We die and die with our own biases
To create our own fucking reality
Which has absolutely no credibility
In another fucking eye

Future is a painting we draw
Where some of us are better painters
While some of us just fucking suck
Planning is a fucking distraction
And oh!
The false sense of accomplishment it gives

I tried to find the present, but failed
For it was the only thing
That looked as if it had meaning.
Days and days between glorified tears
And roaming through an unfinished painting
I finally realized
That even if it did have meaning
It still means nothing to me.