Friday, February 15, 2013

අපි කවුරුද?


කවුරුද අපි කවුරුද
සිනහවකට පුදා දිවි
සදා දුක් විඳින අපි කවුරුන්ද
අපි කොහි සිට පැමිණියෙමුද
අපි කොහේ යන්නෙමුද?

කුඩා අඩි තබ තබා
මහා ගමනක යෙදෙන විලසට
අරමුණක් නැති අවසනක් නැති
අනන්තය වෙත ඇදෙන මාවතක
සෙමින් ඇදෙනා අපි කවුරුන්ද?

සතුට පිළිතුරක් වෙද
ලබාගැන්මට එය
අප සැම විඳින දුක දකින කල?
වෙනුවෙන් අපේ සිනහව
අන් සහසකගෙ සතුට සොම්නස
අපි උදුරනා කාලෙක
මේ අපි කොහි ඇදෙන ගමනක්ද?

1 comment:

  1. මම හිතන්නෙ පිළිතුරක් බලාපොරොත්තු නොවී පිළිතුරක් දැනගෙන ලියලා කියලා සහෝ

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි