Monday, January 14, 2013

සමනලිය...


සමනලිය සමනලිය
ඉගිලුනත් මා වටා
නොවසන්න අත්ල මත...
ඔබ නැවත

මා අත්ල මත විසිය 
ඒ යුගය නොතකන්න
අන්ධ මම මන්ද අද
නොඇරි නෙත් කර විවර

අත්ල මිට මොලවන්ට,
ගෙනයන්ට, නොහැකි විය සමනලිය
ඔබ මෙමට, මආගන්තුක හදට

සොඳුරු බව දැක දැකත්
නොහැකි විය විපරන්ට
ඔබ දිවිය මා දිවිය විඳි සිරිය

ශුන්‍ය වූ අරුත් නැති මා සිතට
ඔබ සිරිය විය එලිය මා සෙවූ..
හදවතට ඒ කලෙම ඔබ මැවූ
එඋණුහුම නොදැනුනිද මට කෙලෙස

ඉගිලුනත් මා සමඟ ඔබ තවම
නොවසාවි මා අත්ල මත නැවත..

නොදැල්වෙන පහනෙකිය මහදවත

සමනලිය සමනලිය
ඉගිලෙන්න මා හදින් ඉවතකට...

6 comments:

  1. හ්ම්ම්ම්... ලස්සන පද පෙලක් මල්ලියා...

    ReplyDelete
  2. maxxa?for that girl?ade moving..honestly..but what to do..aal is well neh..but maxxa lyric ekak..niyamai!

    ReplyDelete
  3. you know me nah?..lol

    ReplyDelete
  4. :) puluwanda igilenna dila balagena inna?

    Pattai bn....maru siravata lasanai.... (Y)

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි