Wednesday, March 28, 2012

සැණකෙලියෙහි අවසන් හෝරාව


වලාකුලු නොමැති අහසට
යොමු කරන විදුලි එලි
තරුවල, සඳෙහි පතිතව
පොළොවට එළිය දුන් හෝරාවේ,
නේක වර්ණ මිණි පහන්
දැල්වී නිවී රටාවට
හිත වටා ගමන් කරයි
විදුලි වේගයෙන්...

දිනයේ අවසන් ටිකට් පත
රැගෙන මියැදුනු දරුවන් හා
මියැදුනු අඹුත් ගැන මතකය,
ගුලි කොට වීසි කර දමා
නඟිනෙමි ඒ මහා
රෝලර් කෝස්ටරයට තනිවම....

මහා ප්‍රපාතයකි, වැටෙන්නට පහලට
තව මොහොතකින්;
ඉන් වැටී කටු බිඳී මියැදෙන්නට
ඉඩ ලබා නොදෙන ආසන පටිය
ඔච්චම් කරයි මට,
ප්‍රපාතය අභියස දී....

පිරී සිටි සෙනඟ සැණකෙලියෙහි
කෙමෙන් මැකී යන හෝරාවක
අතීතයෙහි හා අනාගතයෙහි දුහුවිලි
මා දෙඇස් අන්ධ කරයි...

දැන්,
නොපෙනෙයි මහට ඒ ප්‍රපාතය
ප්‍රපාතයට වැටෙන විට,
නොසිතමි අතීතය ගැන
සිතනෙමි දැවෙන නෙතු ගැනම පමණක්..

2 comments:

  1. මෙවාට පාදක වෙන නිමිත්ත සඳහන් කරනවනම් වටිනවා

    ReplyDelete
  2. මේකට විතරක්ද නැත්නම් ලියන හැම එකකටමද?

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි