Saturday, March 17, 2012

විසල් නුවරක සිතුවිල්ලක් 2


සුවඳයි
ඒ මහා පුරෙහි ගැවසෙන
සහසකගෙ රතු රුහිරු
දහඩිය කඳුලු සුවඳයි;
එකට පැටලුනු
බස් දහසකුත්
සංස්කෘති බර ගණන්
තට්ටු සිය ගණන් වුන
කුලුණු යට, කුලුණු තුල
ගැවසෙන විටෙක
රත්වී ගිනියම් වූ
මහ පොළොවෙන් නැඟෙනා
පුසුඹ සුවඳයි;
සුදු පාට, කලු පාට,
දුඹුරු පාට, රෝස පාට,
කහ පාට මිනිසුන්,
තම තමන්ගේ දෑස් අතුරින්
බලා නොබලා යනෙන මං පෙත්
තවම සුවඳයි;
නොදන්නා මං මැද
ලොවම පසිඳුවු නගරෙක
තනිව ජීවය සොයනට
දුහුවිලි වැකුනු
දූෂිත වාතයට
තනිවම හෙලනා
සහසකගෙ සුසුම්
සදා සුවඳයි;
එසැම දැකුමට
දෙනෙත් එලි කල
මගේ මව් රට තවම,
සැමදා එක සේ සුවඳයි.....

-නිව් යොර්ක් නුවරදී සිතුනු සිතුවිල්ලකි

2 comments:

  1. ජනාකීර්ණ, සංකීර්ණ සමාජයක් මැද.... මෙහෙම සිතුවිල්ලක් දකින උඹ...වෙනස දකින උඹ..ආඩම්බරයි මල්ලියේ...

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි