Monday, February 20, 2012

ටී පනස් හයකි ඇමති මුරපොලක


නිල ඇඳුමේ බොත්තම්ද හැර
තනි තරුවේ ඔච්චම්ද මැද
නිදි මැරුවේය කුස ගින්න මැද
ඇමති මුරපොලෙහි තනිවම..

මැදියමැයි ඔරලෝසුව කියද්දී
සිඹියි දෙකණ්,
නිවසින් ගෙනා වෑර්ලසයෙන්
නික්මෙන සප්ත ස්වර..

අඳුරුය අවට
බිය නැත රාජකාරිය නිසාවෙන්,
කඳුලුය දෙනෙත
නොදුටුව නිසා ඈ
සති ගණන් මෙපිටට..

බුදු රූපයකි සිත සරි කරලන්ට
පින්තූරයකි ඈ ලඟක නැති හෙයින්
සුදු කාරයකි රතු නිල් පාට දැල්වෙන
හැම රාත්‍රියකම විත්
නිදිද නැතිදැයි සොයා බලනා...

අමතකව නැත ගමම
ගෙවයි සමනල් වියම
යවයි රුපියල් ගමට
හිඳී හේ මුරපොළක

අහිංසක ටී-පනස් හයකි ඔහු
දිවා රෑ නිදි කිරණ
පාලු පොඩි මුරපොලක

4 comments:

  1. මෙ බ්ලොග තව කට්ටියට බලන්න ඉඩ දෙන්න. කමෙන්ට් නැතිඋනාට තව තවත් ලියන්න

    ReplyDelete
  2. නියමයි හොඳේ(Y).. දිගටම ලියන්න :)

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි