Tuesday, February 7, 2012

සිනහව නම් විලාපය හෙවත් විලාපය නම් සිනහව



අරමුණක් නැති ඇරඹුම
නැවතුමක් නැති අදිටන
සිය ගණන් දන පිනවන
විලාපයෙකිය සිනහව..

උවනෙහි පින්තාරු කළ සිනාවට
හැකිනම් මකා දමනට,
කඳුලු කැට ලෙස 
ඇද හැලෙන,
දැවෙන සිහිනෙක ජීවය,
සැබෑ විය හැක යම් දිනෙක
කලු පාටින් ඇඳෙන
අතරමඟ වැරදුනු 
ඒ සොඳුරු චිත්‍රය.....

වැරදීම දරුණුය;
නමුදු ලොව ඉදිරියෙහි
සිනාවෙත් ඕ විලාපය වෙනුවට..
දිවා රෑ පැටලී
අයාලේ වැලලුණ ජීවයෙහි
අවසාන නිමේශය
ගෙල බැඳි කඹයකින් නික්මෙන
විලාපයෙකිය;
නමුදු ඒ විලාපය,
සිනහවෙකි ඈ හට...

6 comments:

  1. හැම වෙලාවකම ඕකම තමා වෙන්නේ...
    "ඒ විලාපය,
    සිනහවෙකි ඈ හට"

    Superb! KIU!

    ReplyDelete
  2. අපේම සදාචාරාත්මක සමාජ ක්‍රමය තමයි ඉතින් අයියෙ.. කොහොම හරි ස්තුතියි

    ReplyDelete
  3. විලාපයෙකි සිනහව... හ්ම්ම්.... මොනවා කොරන්නද..?

    ReplyDelete
  4. කළකිරීමෙන් ද ඉන්නේ?

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි