Sunday, January 29, 2012

යාත්‍රා කරමු එගොඩට


සයනයට ගිනි තබා වැතිරෙන්න
මරණයට කිති කවා හිනැහෙන්න
අවසරයි මට කිමිදෙන්න
ගිනියම් ලෝදිය සයුරක,
දිවිය නම් ශාපලත් දීපයෙන්
එගොඩට ගොඩ වෙන්න
ස්ංස්කෘතිය හා සදාචාරය නම්
යදම් වලින් මිදී...
නිවහල් භවයක් පතා
නිදහස් චින්තනයක නැංගුරම ඔසවන්න..
ඉඩ දෙන්න, පාවෙන්න ගුවනත
නිදහසේ නෞකාවට...
අත් වැල් බැඳන් පාවෙමු
පවන ගෙන යන ඉසව්වට,
තනමු අපේ ලොවක්
ව්‍යවස්තාවකින් තොර.........

2 comments:

  1. සිස්ටමේකට පුරුදු වුනු අපේ උන් වෙනස් කරන එක ලේසි නැහැ, ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි! හිහි. නියමයි මලයා!

    ReplyDelete
  2. ස්තුතියි අයියේ.... කොහොමත් සිස්ටම් එක අපිට වෙනස් කරන්න පුලුවන් එකක් නෙවෙයි.... :(

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි