Monday, January 9, 2012

ම පුර විසිතුරු







පුර අලංකෘත
දුටු නෙතින් නෙත
පහන් වනු ඇත
සිත් පහණ් මත

කප් සියක් කල්
සුපිපෙනා මල්
හදෙහි නිවහල්
තුටින් මනකල්

සොඳුරු සයුරත
බිඳෙන රළ මත
මැවෙන පිනි කැට
දුවති උවනත

සිඹින දෙකොපුල
සිහිල් මඳනල
තෙජින් ඔද ලද
පුරෙහි සිරි බල

වියැති විරුවෙකු
පුරෙහි දෙවිඳෙකු
ලෙසට එපවුරු
බලව් රැකි යුරු 

පහණ් නිම කල
අඩුව නොම බල
රකිති සැම කල
පුරෙහි සැම තල

ගොම්මනක හිඳ
මියෙන හිරු රත 
විඳින්නට තව
රිසි තැනක් වෙද

උයෙනෙකිය පෙම්
සදා මනරම්
මෙවන් විස්කම්
නොදුටු නෙත් කිම්








6 comments:

  1. සබඳ,
    ඔබේ පුර වැණුම,
    මනරම් ය.
    අලකාර ය.
    ගෙන ගියා මසිත
    සැළලිහිණියේ,
    පුර වැණුමට..

    ReplyDelete
  2. ෆොටෝස් ටිකත් ලස්සනයි. කවියත් හරිම ලස්සනයි.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. Thanks everyone....something went wrong with comments..still trying to sort it out...sajeewa uncle, photos tika mage newei...

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි