Wednesday, December 21, 2011

මේ රාත්‍රියේ.....



මේ රාත්‍රියේ.....
සඳ මුදුන් වෙලා අහසේ....
සිපගන්න තුරුලු වෙන්න
ළඟින් ඉන්න සිනාසෙන්න වරම් නෑ

සඳ කාන්තියේ.....
ලොව ගී ගයනා මොහොතේ.....
මට එන්න සිත හදන්න
ගී ගයන්න සනසවන්න වරම් නෑ

සඳ කාන්තාරයේ....
මල් පිබිදෙනවා රහසේ....
ඔබ ඒද දිවිය වේද
මගෙ නොවේද කඳුලු ඒද නොදනිමි

ගොළු රාත්‍රියේ....
හද පාලු මකන යායේ.....
හද ගාව කඳුලු ගෑව
ඔබත්, මාව රැගෙන ආව මඟ යමි

සිප ගන්න තුරුලු වෙන්න
ළඟින් ඉන්න සිනා සෙන්න වරම් නෑ.....
ඔබ ඒද දිවිය වේද
මගෙ නොවේද  කඳුලු ඒද නොදනිමි.....

මට එන්න හිත හදන්න
ගී ගයන්න සනසවන්න වරම් නෑ......
හද ගාව කඳුලු ගෑව
ඔබත්, මාව රැගෙන ආව මඟ යමි....

3 comments:

  1. මේ Word verification එක අයින් කරන්න. ඕක තියෙන කොට කවුරුවත් කමෙන්ට්ස් දාන්න කැමති නැහැ.

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි