Monday, December 5, 2011

මම සහ චිත්‍රපට ශාලාව


චිත්‍රපට ශාලාව අභියස සිට
බලා සිටිනෙමි පුවරුවක් දෙස
කුමක්දෝ එහි ලියා ඇත,
හින්දි, ඉංග්‍රීසි නළුවන්ද ඇතුව;
මා බලා සිටින මුත් නොදන්නෙමි
එහි කුමක් ඇතිද කියා;
හිත දුවයි මා ජීවිතය නම් ෆැන්ටසියේ
එහා සිට මෙහා කෙලවරවල් සොයා.
ඊයේ රැකියාව නැති උනත්; නැතත්
ගිය සතියේ බිරිඳ මා දමා ගියත්; නැතත්
දරුවන් මහ මඟදි අද මුණ ගැසුනු විට
මා හා සිනහ නොවුනත්; වුනත්
මා අතේ බෝතලයක් තිබුනත්; නැතත්
ගිය මාසයේ සිතාගත් පරිදි
මම අද චිත්‍රපට ශාලාව අසලය.
චිත්‍රපටය තිරගත වෙයි
අද දිනට සිව්වෙනි වතාවට,
මම තවම චිත්‍රපට ශාලාව අසලය

3 comments:

  1. Wow! එලකිරි! :D Keep it up!

    ReplyDelete
  2. මේකනම් මාරම අත්දැකීමක්. කාලයක් ඔන්න ඔය කියුව ලොකයෙ මමත් සැරි සැරුවා

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි