Tuesday, August 30, 2011

ඔබ....

ඔබ ප්‍රසිද්ධය මම දනිමි
ඔබ පියකරුය මම දකිමි
දකින්නන්ගේ පැසසුමටද
ගුරුවරුන්ගේ ආදරයටද
ලක් වන ඔබත් පොලවත්
අතර අඩියක පරතරයකි.

Monday, August 29, 2011

ගිනිගත් මතකයන්......

'කාටහරි පුලුවන්ද
හදවතක් උදුරන්න
හදවතේ මුල් පිටින්
අතට ගැලවී එන්න'

'කතාවට කියෙව්වට
ඇත්තටම පුලුවන්ද
දැන් ඔයා කියන්නේ
ආදරය ගැන නේද'

'මෙය ආදරය වේද
වේවි හෙම හිතුවහම
භාෂාවකට භේද
කල හැකිද අප සෑම'

'ඔබ කියන හැම දේම
දැනෙනවා පෙර සේම
නමුදු අප හැමදාම
නොවන්නෙමු කටකාර'

'කට වහං හිටියාට
හද හඬනවා නේද
ඒ වසර විසි ගාන
නොදැනේද හැමදාම'

'නොපෙනුනත් පෙර සේම
දැනෙනවා හැම රෑම
අපෙ පරණ ගේ ගාව
ගිණි ගන්නවා තාම'


වැදගත්- මෙය සංවාදයකි.

Sunday, August 28, 2011

Nameless 3


ඇය මා හැර ගොසිනි
වරද මාගේ බව දනිමි
පළක් නැත ඒ ගැන සිතා
අදිටනක් නොමැත මට
හැරුනු අත ගියෙමි මම.
එදා ඈ හඬගැසූ ලෝකයට
යන්නට සිතේ අද මට
නමුත් දොර වැසුනු බව
පෙනෙයි ඇස් ඉදිරිපිට
කිම් වුවද කම් නැත
කමක් තිබුනේද නැත

හංසියක් 2


හඳ ගාව
හිටියාට
හිත තාම
මගෙ නේද

කලුවරයි
හිත හොයයි

වලාකුළු හඳ වසයි
නැවත ඕ එලිය දෙයි
සොඳුරු රූ මට පෙනෙයි
ඒ හංසියක් තමයි

Friday, August 26, 2011

ඉතින් මම පිරුණු මිනිහෙක්ද?

දුකයි නම්
සිංහලෙන් අඬන්න.
දෙමළෙන් හිනා වෙන්න
ඉංග්‍රීසියෙන් ලියන්න
පිරුණු මිනිහෙක් වෙන්න
නමුත් මට තාම හිනා වෙන්න තේරෙන්නෙ නෑ.

Thursday, August 25, 2011

වීදියේ මායා...

මුදල් යදිමින් ඇය සිටී මඟ අසල
සොලොස් වියැති බව පැවසීය ඇසූ විට
රුපියල දෙක දමා යන මිනිසුන් දෙස බලමින්
ඇය සිටී පියකු නැති දෑවුරුදු පුතු අතැතිව!

Tuesday, August 23, 2011

සොයුරියකට! ( පැරණි )

කඳුලක් ඇසට නොනැඟෙන්නේ
මා, ඔබ නොදැන සිටි නිසාද
මට නිදි නොමැති නිසාදැයි
මට හරි හැටි නොවැටහේ

නමුදු පුවතක්
හී හිසක් මෙන්
මා හද කිඳා බසිනු ඇතැයි
කිසිදා නොසිතුවෙමි

ඔබ දැන් අතීතයකි
අඳුරු වත්මනක
සොඳුරු අතීතයකි

තේතුවක් කාරණාවක්
මා නොදැන සිටින මුත්
ජීවිතය නම් කටු පඳුර මැද
කටු ඇනී
තටු ඉරී යන විට
තබනා අඩිය කිම්දැයි
මා නොදන්නෙමි

නමුදු ඒ අඩිය
ඔබ තැබූ අඩිය නොවන බැව්
දැන සිටින්නෙමි

හද හඬා වලපෙයි
මා, ඔබ නොදැන සිටි මුත්
දරා හැකිද සොයුරියක
මෙලෙස ඔබ දමා ගියහොත්
ඇයිද ඒ ලනුවකට
සුපිපුනු පුෂ්පයක් පුද කලේ?

සියල්ලම අතීතයකි
අතීතය කිම් වුවද
කම් නැත

නිවන් සුව පතන්නට
සිත් නොදේ!
ඒ තවමත් මා නොඇසූ
( සදා නොඅසන )
ඔබේ රාවය
හදට දැනෙන, ඇසෙන බැවිනි!!

Friday, August 19, 2011

Minor birdට


I have wished a bird would fly away
And not sing by my house all day:

Have clapped my hands at him from the door
When it seemed as if I could bear no more

The fault must partly have been in me
The bird was not to blame for his key

And of course there must be something wrong
In wanting to silence any song

-A Minor Bird by Robert Frost-


Robert Frost මහත්තයෝ
ඔය වැරැද්ද නුඹේ නෙවෙයි
නුඹේ ඔය වැදගත්
ස්ංස්කෘතියෙයි වැරැද්ද

නිදහස් කුරුල්ලෙක්ට
පියාඹන්න ඉඩ තියෙනවද
ඔය මහලොකු සදාචාරෙ?
තියෙනවද නුඹලට සදාචාරයක්?

Literature පේපර් වල
මේවා ලියන්න පුලුවන්ද අපට
ඒත් Frost මහත්තයෝ
මේක නෙවෙයිද ඇත්ත?

වැරැද්ද ඔබෙ නෙවෙයි
ඒ කුරුල්ලගෙත් නෙවෙයි

වැදගත්- ඉහත සඳහන් poem එක සාමාන්‍ය පෙල ඉංග්‍රීසි සාහිත්‍ය පෙල පොතින් උපුටා ගන්නා ලදී.

Thursday, August 18, 2011

දුරයි....


ඇරයුම් රහිතව ගලා ආ ඒ
අපැහැදිලි හැඟුම් දාරාව තුල
ඇගේ ඒ සොඳුරු රුව
පෙනේවිද තවම මට

නොදනිමි ඇයිද මා සිත
ගියේ ඈ වෙත මගෙන් ගිලිහී
මුත් දනිමි කෙතරම්
ඕනෑවීද ඈ මා හට

දනිමි ඈ, මා ගැන නොසිතු බව
සිහිවෙයි ඈ අසල සිටිය කල
ලඟැයි සිතුනත් සැබවින්ම ඈතයි
ඈතයි හුඟක් ඒ රෙදි කඩින්
ඔබ ෆර්දාව යැයි හඳුන්වන

Wednesday, August 17, 2011

chat එකක අවසන

හිතන්නම් ගොඩක්
යන්න වෙලාව ඇවිත්
බුදුසරණයි!
අමතක වෙන එකක් නෑ මුකුත්

weird feeling

ලියන්න හිතෙනවා ගොඩාක්
තරහයි දුකයි කැරකෙනව ඔලුවෙ
කොහොමද කියන්නෙ කාටවත්
හිතන්නෙ නැතුව දාන්නම් blog එකේ
පස්සෙ මකන්න බලාගෙන

Tuesday, August 16, 2011

ප්‍රසිද්ධ මේසයක්

රස කර කර බුදින
විදෙස් තානාපතිවරුද
අපේ වැදගත් පිරිස්
ඉහල පන්තියෙ අයද
ක්‍රිකට් ක්‍රීඩකයිනුත්
රටේ නම ඉදිරියට
රැගෙන ගිය වෙන අයත්
(ඉඳ හිට පල් හොරුත්)
කෑම ගෙන ඇත මා මත,
කෑම මේසයක්මි මා
(ලෝ පතල ) මැදුරක
අරලිය ගසින් වටවුනු

Monday, August 15, 2011

පිම්ම

දිනෙක ඔහු
සිටිනු ඇත තනිවී
පිට රටක
පාලු කාමරයක
A/C සිසිල මැද
පැන්සලක් අතැතිව
පරිගනකයක් දෙස බලා
කණ්ණාඩි කූට්ටම
පැත්තකින් තබා
කල්පනා කරමින්
යන්නට තිබූ
වෙන මඟක් ගැන
මිනිසුන් පිනවමින්
සිතුම් වෙන මඟක යවමින්
නවමු දෑ කරමින්
කලාවෙන් රට වපුරමින්,
ඒ පැරණි
වැරදි පිම්ම
නොවන්නට!

Nameless 2

ඇය සුරඟනක් නොවෙයි
මා හද වෙලා ගත්තද
අද මා ලඟ නොවෙයි
තවම උනුසුම හදට දැනුනද

හිත දැන් මගෙ නොවෙයි
පේළි, කවි පද හිතින් මැව්වද
හිත තවම ඇය ලඟයි
ගතින් කෙතරම් ඈත් වූවද

ආදරය එලෙසමයි
පෙර ලෙසින් අප කතා නොකලද
ඔබ මගෙයි මා ඔබෙයි
ජීවිතය වෙන මඟක් ගත්තද

Facebook ගිලගත් කවි


Facebook එක තුල
Like දෙක තුනක් සහිතව
මා ලිව්ව සමහරක්
සැබවින්ම අරුත්බර කවි
Status Updates විලසින්
Wall එක අලුත් වන විට
සදා නොදකින ලෙසට
ගිලී යන්නට ඇත්ද?

හංසියක්


සුදු පාට
තනි රෑට
හිත ගාව
දැනුනාම

හිත හඬයි
නිදි මරයි

හැඟුම ඔව් සීතලයි
පාලුවට හිත බරයි
සැබැවින්ම පිවිතුරුයි
ඇය හංසියක් තමයි

Monday, August 8, 2011

මතකයන්

අතීතයක වගතුග
සිත තුල සක්මන් කරන විට
ඔරලෝසුවට පෙම් බැඳ
තත්පර කටුවට වෛර කලසේ
සිත තුල දැවී අලුවී යන
මතකයන් සමඟ පොර බදා
ඒ අතීතයට ආයුබෝවන් කී
නව ජීවිතය හඳුනා ගැන්මට
උදාවූ වසන්තය
ආශිර්වාදයක්ම වේවා!

Friday, August 5, 2011

සිංගප්පූරුවක් කරා........


පිරී ඇත මඟ දෙපස
වෙලඳ සැල් අවන් හල් වලින්
දුවයි පාරේ රජවරුන් විදුලි වේගයෙන්
නිවෙයි බැබලෙයි සැම අතම
රැයද දහවල නොතේරෙන තෙක්
ඇය සිටී මඟ බලා
වැඩිම ලන්සුව ලැබෙන තෙක්.......

සිහින ලොවක්

සිටියෙමි කලක් සිහින ලොවක සිර වීලා
ආවෙමි මෙලොවටම, මා අසරණ වීලා
එලොව සිටියදී දේවල් වුන ලීලා
අමතක වනු මැනවි මට පවු නොම දීලා

ආවත් මේ ලොවට නැත අමතක වන්නේ
අසිහියෙන් පැතූ දේවල් තෙරපෙන්නේ
පිපී ඇතැයි සිතු මල් පරවී යන්නේ
මගේම පාරක මං පෙරටම යන්නේ

වැරදිය සිතූ දෑ නිවරදි දෙයක් නැත
ඇදගෙන ගියහ වෙන පාරක අතින් අත
වැරදිය, දනිමි දැන් කල හැකි දෙයක් නැත
යන්නට සිතේ මට නම් දැන් වෙලා ........

සිහින ලොව නිසා මෙලොවේ වැරදි වුණී
එම ලොව මවා මම ...................... .......
හදා ගන්න සිතුවත් කෙලෙසද ...........
නිවැරදි වන්ට ක්‍රමයක් දෙවියොත් නොදනී


(මේක මම 9 වසරෙදි ලියපු එකක්.කවියට නොගැලපෙන දේවල් ටිකක් මම කැපුව.කොහොමත් edit කරල දාන්න හිතුනෙ නෑ)

Thursday, August 4, 2011

මල පැනල

මට මල පැනල
නැති වෙන්න, අම්මප
කවදාවත් නැතුව
හිත කෑ ගහනව
පට්ට හයියෙන්
rock අහන නිසාද?
මොන බොරු කතාද?
මට විතරද මල පනින්නෙ?
ඒකනෙ, මට මල පැන්නට මොකෝ

කුරුටු ගී

අවසන් පිටුව මත
ලියැවුනු කුරුටු ගී මැද
නොලියැවුනු හැඟුමක
ගැබ්ව ඇති ගුප්ත බව
පැන්සල් තුඩ අගින්
තව කඩදාසියක ඇඳුනද
ඔබ ලඟ නොමැති සෝ දුක
මා දැවෙන හද තුලින්
ඉවත් කරලන්නට
වචන කිහිපයකට
හැකි වනු කෙලෙසකද?

Wednesday, August 3, 2011

එන්න.....

මල් පියලි විසිරුනු මාවතේ
සියුම් පා තබමින්
නොනිම් ගමනක යෙදෙන යෙහෙලිය

කටු පඳුරු ලඳු කැලෑ පසු කොට
අරමුණක් සොයා ගමන් කරනා
විප්ලවකාරී සොහොයුර

කොන්ක්‍රීට් වනාන්තර මැද
සුවඳ පිරුනු කාමර තුල සිරවී
ජීවිතය නොදකින සොයුර! සොයුරිය!

අඳුර දුරුකොට වඩිනු මැන
අප සමඟ ඉදිරිය බලා
සම්ප්‍රදායෙන් ඔබ්බට............

පාලුව තුල.....

හුදෙකලාව සමඟ හාද වී සිටි මොහොතක
පාලුවට පෙම් කර තනිකම සිප ගත්තද
ස්වයංජාත සිතුවිල්ලක නේක වර්ණ
සිතට රසඳුනක් වූ පුෂ්පයක රටා මවයි!

Nameless 1

අපැහැදිලි අවසානයට වඩා
රිදුම් දෙන බොඳ ඇරඹුමක
සයුර සෙව්වද
වෙරල නොදකින ගංගාවක් සේ,
පාලු වීදියක දැල්වෙන
රතු එලිය ඉදිරියේ නැවතුනු
මොටෝරිය මත,
හිම කැටි වලින් වැසුනු
ගිනි කඳු හිස ගැන සිතමින්
මා සමඟ හිඳිනා
මා අසල නැති ඒ රුව
තෙත් වූ දෑස් සහිතව සිහි කරමි!